සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින් ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සමාජයක්, පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් සහ තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා යටතේ මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා ආචාරධාර්මික වටිනාකම් සහිත රාජ්‍ය සේවකයන් බිහිකිරීමයි.
‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් ජාතික මුලික අධ්‍යයන ආයතන අධ්‍යක්ෂක මහාචාර්ය ජී. ආර්. ඒ. කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම අද (07/28) දින ආයතනයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. ආයතන නිළධාරීන් සියලු දෙනා මේ සඳහා සහභාගි විය.