පරිසර අධ්‍යයන හා දැනුවත් කිරීමේ වැඩසටහන

2025 ජූනි මස 25 වැනිදා දඹුල්ල පොපම් වනෝද්‍යානයේදී /වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ පරිසර නියමු ස්වර්ණ පදක්කම් අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකු සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්විනි.

මෙම වැඩසටහන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය හිමේෂ් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වුණි. වැඩසටහනේ ප්‍රධාන අරමුණු වුයේ ශිෂ්‍යයින්ගේ පරිසර සංරක්ෂණය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, එයට සම්බන්ධ වගකීම් පිළිබඳ සවිස්තර දැනුම ලබාදීම සහ පර්යේෂණාත්මක සංකල්ප සංවර්ධනය කිරීම .

ස්වභාවික පරිසර පද්ධති නිරීක්ෂණය සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේ අරමුණින්, පොපම් වනෝද්‍යානය තුළ විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරන ලදී. මෙම පුහුණු වැඩසටහන ඔස්සේ, ශිෂ්‍යයින්ගේ පරිසරය මූලික කරගත් පර්යේෂණ සහ ප්‍රතිපත්ති මත පදනම්ව, පරිසරය සුරැකීම සඳහා සමාජ වගකීම, නායකත්වය දැක්වීම සහ කැපවීම පිළිබඳ අවබෝධය වඩාත් වර්ධනය වීමට ද ඉවහල් විය.

View event photos launch