ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන

ජෛව විවිධත්ව සංරක්ෂණය
2025 වසරේ ජගත් පරිසර දිනයේ (World Environment Day) තේමාව වූයේ “ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු” (Beat Plastic Pollution) යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මඟින් මෙම වසර සඳහා නිකුත් කළ විශේෂ තේමාව වන අතර, එමඟින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝක අවධානය යොමු කරන ලදී.
මෙම සැමරුමට සමගාමීව රජය විසින් පරිසර සතියක් ප්‍රකාශයට පත් කළ අතර, ජාතික මුලික අධ්‍යයන ආයතනය විසින් 2025 ජූනි 2 වන දිනට යෙදුණු ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් "ජෛව විවිධත්ව සංරක්ෂණය" යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් සංවිධානය කරන ලදී. අප ආයතන ශ්‍රවණාගාරයේදී මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් මෙම දේශනය පැවැත්වීය.
මෙම වැඩසටහන මගින් පරිසරය සුරක්ෂිත කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ මනා අවබෝධයක් ආයතන කාර්යමණ්ඩලයට ලබාදීම සඳහා විශේෂයෙන් දායක විය.
වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීම
2025 වසරේ ජගත් පරිසර දිනය (World Environment Day) සඳහා තේමාව වූයේ “ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු” (Beat Plastic Pollution) යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මඟින් මෙම වසර සඳහා නිර්දේශ කළ විශේෂ තේමාව වන අතර, ලෝක අවධානය ප්ලාස්ටික් දූෂණය අවම කරමින් දිරුම් පරිසරයක් උදෙසා කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව යොමු කෙරිනි.
2025 පරිසර සතියට සමගාමීව, මැයි 31 වනදා සංවිධානය වූයේ “වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීම” යන මාතෘකාව යටතේ විශේෂ දිනයකි. මෙම දිනය වෙනුවෙන් ජාතික මුලික අධ්‍යයන ආයතනය විසින් 2025 ජූනි 04 වන දින විශේෂ දේශනයක් සංවිධානය කරන ලදි.මෙම දේශනය මහාචාර්ය ධම්මිකා මාගන-ආරච්චි මෙනවිය විසින් ආයතන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මෙම දේශනය මඟින් වායු දූෂණය පිළිබඳව දැනුවත් කිරීම, එහි සෞඛ්‍ය හා පරිසරමය බලපෑම් පිළිබඳ අවබෝධය ලබාදීම සහ ආරක්ෂාකාරී ජීවන රටාවක් උදෙසා ක්‍රියාත්මක වීමට මගපෙන්වීමක් සපයන ලදී.
ජලය හා ජල මුලාශ්‍ර සංරක්ෂණ දිනය
2025 වසරේ ජගත් පරිසර දිනයේ (World Environment Day) තේමාව වූයේ “ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු” (Beat Plastic Pollution) යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් මෙම වසර සඳහා නිර්දේශ කළ විශේෂ තේමාව වන අතර, ලෝක අවධානය පරිසර දූෂණය අවම කරමින්, තිරසාර හා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වීමට යොමු කිරීම මෙහි අරමුණයි.
පරිසර සතියේ 2025 ජූනි 03 ට යෙදී තිබුණේ ජලය හා ජල මුලාශ්‍ර සංරක්ෂණ දිනයයි. ජාතික මුලික අධ්‍යයන ආයතනය විසින් 2025 ජූනි 04 වන දින "ජලය හා ජල මුලාශ්‍ර සංරක්ෂණය" යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් සංවිධානය කරන ලදී. මෙම දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය රොහාන් වීරසුරිය මහතා විසිනි. එය ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අත්‍යවශ්‍ය සම්පතක් වූ ජලය රැකගැනීමේ වැදගත්කම, ජල හානිය හා ආරක්ෂණ ක්‍රම, ජල දූෂණයේ බලපෑම් සහ එය අවම කිරීමට හැකි පියවර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම මෙහි මූලික අරමුණ විය.
රුක් රෝපණය හා ජගත් පරිසර දිනය
2025 වසරේ ජගත් පරිසර දිනයේ (World Environment Day) තේමාව වූයේ “ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු” (Beat Plastic Pollution) යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මඟින් මෙම වසර සඳහා නිර්දේශ කළ විශේෂ තේමාව වන අතර, ගෝලීයව පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව සජීවී සංවාදයක් ආරම්භ කිරීමට මෙය අත්වැලක් විය.
මෙම අවස්ථාව සැමරීම සඳහා ජාතික මුලික අධ්‍යයන ආයතනය විසින් 2025 ජූනි 05 වන දින "රුක් රෝපණය හා ජගත් පරිසර දිනය" යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් සංවිධානය කරන ලදී. මෙම දේශනය පවත්වන ලද්දේ ආචාර්ය හිමේශ් ජයසිංහ මහතා විසිනි. එය ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ආයතනීය නිලධාරීන්, ආචාර්ය මණ්ඩලය, පර්යේෂණ සිසුන් සහ ආරාධිත අමුත්තන්ගේ සාර්ථක සහභාගිත්වය යටතේ පැවැත්විණි.
දේශනයේ දී ආචාර්ය මහතා විසින් පරිසර කළමනාකරණය, වනාන්තර ආරක්ෂාව, මෙන්ම පරිසරය දෙස සංවෙිදීව බැලීම තුළින් උගත හැකි දේ පිළිබදව අවධානය යොමු කරන ලදී. මතු පරපුර වෙනුවෙන් මනා පරිසර පද්ධතියක් පවත්වාගෙන යෑම සඳහා රුක් රෝපණ කටයුතු වල වැදගත්කම පිළිබඳව සවිස්තරව විමර්ශනයක් සිදු කරන ලදී. වැඩසටහන අවසානයේදී ආයතන භූමියේදී සංකේතවත් රුක් රෝපණයක් ද සිදු කරන ලදී.
පොපම් වන උයනේදී
පරිසර සතිය නිමිතිකොට ගෙන දඹුල්ල මහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය එක්ව සංවිධානය කළ "ජෛව විවිධත්වය සහ ජෛව විවිධත්ව සංරක්ෂණය" යන මාතෘකාව යටතේ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2025 ජූනි 2 වැනිදා දඹුල්ල නගරයේ පිහිටි NIFS පොපම් වන උද්‍යානයේ දී සාර්ථකව පැවැත්වුණි.
මෙම අවස්ථාවට දඹුල්ල ජාතික පාසල, වීර මොහාන් ජයමහ විදුහල සහ තිත්ත වැල්ගොල්ල විදුහල නියෝජනය කරමින් ගුරුවරු, ගුරුවරියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.
විශේෂයෙන්ම, ජෛව විවිධත්වය පිළිබඳ මූලික හැඳින්වීමක්, එය පරිසර පද්ධති තුළ ඇති වැදගත්කම, සහ එය රැක ගැනීමේදී අධ්‍යාපන ආයතනවල සහ ජනතාවගේ භූමිකාව පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
- පරිසර දිනයට සමගාමීව නව පොත් පරිච්ඡේදයක් මහාචාර්ය ගාමීණි සෙනෙවිරත්න මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළකරන ලදී:
“විෂමජාතීය ක්ෂුද්‍රජීවී ජෛව පටල ක්ෂුද්‍ර ප්ලාස්ටික් දුෂණයට එරෙහිව පොරොන්දු විය හැකි විසදුමක්”