ජාතික පරිසර දින විශේෂ පාසැල් විද්‍යා වැඩමුලුව – 2025

පරිසර දින ජාතික සැමරුමට සමගාමීවජාතික මූලික අධ්‍යයන ආයතනය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය එක්ව 2025 ජූනි 11 වැනි දින විශේෂ පාසැල් විද්‍යා වැඩමුළුවක් සංවිධානය කරන ලදී. ශිෂ්‍යයින්ගේ පරිසර සංරක්ෂණය පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ පර්යේෂණ සංකල්ප දියුණු කිරීම යන අරමුණු පෙරදැරිව පැවැත් වූ මෙම වැඩමුළුව  සදහා 6  ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පරිසර නියමු භට සිසුන් 68 ක් සහභාගි විය. 

මෙහිදී ආචාර්ය හිමේෂ් ජයසිංහ මහතා විසින් හා ආචාර්ය අයි. පී. එල් ජයරත්න මහතා විසින් පිළීවෙළින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය” හා පාරසරික යෙදීම් සඳහා නැනෝ තාක්ෂණයේ භාවිතය” පිළිබදව දේශන පවත්වන ලදි.  

 

ඡායාරූප