ශ්‍රී ලංකාවේ ශාකභක්ෂක ස්කාර්බ් කෘමීන්ගේ ජෛව විවිධත්ව රටාවන් (සෙරිසිනි: කොලියොප්ටෙරා: ස්කරබයිඩේ).

කුරුමිණියන් විශේෂ වශයෙන් ඉහලම විවිධත්වයක් පෙන්වන ජීවි කොට්ටාශය වේ. ඔවුන් අතිශයින්ම වැදගත් කණ්ඩායමකි. පසුගිය දශකය තුළ කුරුමිණියන්ගේ පරිණාමයේ සාමාන්‍ය රටාවන් පිළිබඳ අපගේ වර්තමාන අවබෝධය පදනම් වී ඇත්තේ රූප විද්‍යාව සහ ඩීඑන්ඒ අනුක්‍රමය පිළිබඳ ෆයිලොජීන කිහිපයක් මත ය. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික කුරුමිණියන් පිළිබඳව විශේෂයෙන් සිදු කර ඇත්තේ අධ්‍යයන කිහිපයක් පමණි.

මෙම ව්‍යාපෘතිය මගින් ඉන්දියානු උප මහද්වීපයේ සුවිශේෂී කුරුමිණියන්ගේ විවිධත්වයට යටින් ඇති පරිණාමීය ක්‍රියාවලීන් අවබෝධ කර ගැනීම සඳහා ෆයිලොජෙනටික්, සාර්ව හා ජෛව භූගෝලීය දත්ත සංයෝජනය කර ඇත. කලාපයේ ගතික ජෛව භූගෝල විද්‍යාව විමර්ශනය කිරීම සඳහා ඩීඑන්ඒ අනුක්‍රමයන්ගෙන් ලබාගත් ෆයිලොජෙනටික් රටා විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

 

සහයෝගිත්වය : ආචාර්ය ඩර්ක් අහන්ස් සහ සසංකා රණසිංහ මිය

අරමුදල්: ජාතික මුලික අධ්‍යයන ආයතනය , DAAD, ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් පදනම